දිවි පරදුවට තබා විදේශිකයාගේ දිවි බේරූ අපේ වීරයෝ

දිවි පරදුවට තබා විදේශිකයාගේ දිවි බේරූ අපේ වීරයෝ

March 15, 2023   10:04 pm

අද හික්කඩුව වෙරළ තීරයේදී දියේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි රුසියානු ජාතිකයෙකි.

රුසියානු ජාතිකයා අද (15) හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දිය වැලකට හසුව තිබේ.

එහිදී මීටර් 100ක පමණ දුරක් ගසාගෙන ගොස් සිටි විදෙස් ජාතිකයාගේ දිවි බේරාගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත.

පොලිස් පරීක්ෂක හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් චාමර සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම විදේශිකයාගේ දිවි බේරාගෙන තිබේ.