ආසියානු කණ්ඩායමට ලකුණු 35ක ජයක්

ආසියානු කණ්ඩායමට ලකුණු 35ක ජයක්

March 14, 2023   06:17 pm

ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ World Giants කණ්ඩායමට එරෙහි තරගයෙන් Asia Lions කණ්ඩායම ලකුණු 35ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට සමත්විය.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය සඳහා දෙපිළටම හිමිවූයේ පන්දුවාර 10කි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Asia Lions කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන් ලකුණු 32ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි.

ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු මිෂ්බා පන්දු 19කදී ලකුණු 44ක් රැස්කරගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ World Giants කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 64ක් පමණි.

World Giants කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලුණු ගේල් ලකුණු 23ක් රැස්කරගත්තේය.

පන්දු යැවීමේදී Abdur Razzak සහ Shahid Afridi කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

තරගයේ විශේෂ අවස්ථා පහතින්.