දෙසැම්බර් මාසයේ විදුලි බිලට සහනයක්

දෙසැම්බර් මාසයේ විදුලි බිලට සහනයක්

March 8, 2023   08:50 pm

එළඹෙන දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

විදුලි බිල ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන්කළේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක් ද ඇති බවය.

මේ අතර පළාත් පාලන ඡන්දය පිළිබඳ  සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවෙදී පැවැත්වීමට නියමිතය.