නොදරුවා අතේ සිටිය දී ගැබිනිය මුහුණදුන් බිහිසුණු අත්දැකීම -CCTV

නොදරුවා අතේ සිටිය දී ගැබිනිය මුහුණදුන් බිහිසුණු අත්දැකීම -CCTV

March 5, 2023   03:31 pm

මත්තෙගොඩ  කුඩමාදූව ප්‍රදේශයේ අලෙවි සැලක කුඩා දරුවකු අත දරාගෙන රැඳී සිටි ගැබිනි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.

අදාළ කාන්තාව දරුවා අත දරාගෙන සිටිය දී හිස් වැසුම් පැළඳ වෙළෙඳසැලට පැමිණෙන පුද්ගලයෙක් මාලය කඩාගෙන පළා යයි.

එම අවස්ථාවේදී අත දරුවා කාන්තාවගේ අතින් ගිලිහි යන අතර, දරුවාට අනතුරක් නොවී බේරෙන්නේ අනූනවයෙනි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මත්තේගොඩ පොලීසිය මහජන සහය පතයි.