ණය සහනයක් දෙන්න මහ බැංකුවෙන් පියවර දෙකක්

ණය සහනයක් දෙන්න මහ බැංකුවෙන් පියවර දෙකක්

March 3, 2023   05:28 pm

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසීය. 

"වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න."