දරු දෙදෙනාට එන්නම් කියා නිවසින් පිටත්වූ රුවන් ට අත්වූ ඉරණම

දරු දෙදෙනාට එන්නම් කියා නිවසින් පිටත්වූ රුවන් ට අත්වූ ඉරණම

February 23, 2023   11:57 am

පා පැදියෙන් රැකියාවට යමින් සිටි දෙදරු පියෙක් අද (23) පෙරවරුවේ පානදුර කුරුස හන්දිය අරුක්ගොඩ පාරෙදි පෞද්ගලික බස් රථයක ගැටී මියගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ අලුබෝමුල්ල කුඩා අරුග්ගොඩ පදිංචිව සිටි පානදුර යුද්ධ හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කළ රුවන්  ප්‍රියංකර නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය දෙදරු පියා පාපැදියෙන් නිවසේ සිට කුරුස හංදිය දෙසට පැමිණෙමින් සිටියදී රුක්ගහ තොටුපොළ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ බඳ පෙදෙස් පාපැදියේ හැඬලය ගැටිමත් සමඟ පාපැදිය පෙරළීමෙන් අනතුරුව බස් රථයේ පිටුපස රෝදයට හිස යටවීමෙන් මෙම අනතුරවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් ය.