බලපිටිය රෝහලේ ඖෂධ ගින්නෙන් විනාශවෙයි

බලපිටිය රෝහලේ ඖෂධ ගින්නෙන් විනාශවෙයි

February 22, 2023   09:49 am

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ඊයේ (21) සවස 5.45ට පමණ ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ලේ දුමාරයක් ඇති වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී ගින්න පාලනය කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව ගාල්ල ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවා දැමීම⁣ට කටයුතු කර ඖෂධ රැසක් බේරා ගැනීමට කටයුතු කළ බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.
  
ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැත.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.