මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය
February 20, 2023 03:55 pm
විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනීමට ද නියමිතය.
ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.
ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු “ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්ව ඇත.