ඉන්දුනීසියානු යුද නෞකාවක් කොළඹ වායට
February 19, 2023 05:41 pm
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Raden Eddy Martadinata - 331’ නැමැති ෆ්රිගේට් වර්ගයේ යුද නෞකාව, දිගින් මීටර් 105.02 ක් හා නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Captain Nopriadi, M. Tr. Hanla කටයුතු කරනු ලබයි.
තවද, එම නිල සංචාරය නිමාකරමින් පෙබරවාරි මස 21 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.