header logo
SLIC
උණුසුම් පුවත්
අද සිට විදුලි කැපිල්ලක් නෑ
Feb 16, 202310:42 AM
අද සිට විදුලි කැපිල්ලක් නෑ
Mobitel 1278

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

"අපි ජනවාරි මාසයේ ලබාදුන්න යෝජනාව ජනවාරි මාසයේ ක්‍රියාත්මක වුණා නම් අපිට තවත් පහසුවෙනවා. කෙසේ හෝ ප්‍රමාදයකින් හෝ ලැබීම තුළ මම හිතනවා අද දවසේ ඉඳලා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන්. ඒ වගේම අපිට අද ඉඳලා ගල් අඟුරු, ඉන්ධන, නැප්තා ආනයනය කිරීම සඳහාත් අවශ්‍ය පහසුකම් බැංකු තුළින් ලැබීම සිදුවෙනවා.

වැරදි මතයක් සමාජ ගත කරන්න උත්සාහ කළා පුද්ගලයින් කිහිපදෙනෙක්. මේ ගාස්තු සංශෝධනය කරන්නේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීම සඳහා කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නෑ. මොකද විදුලිබල මණ්ඩලයේ තිබෙන අලාභ පියවා ගැනීමට නෙමෙයි මේ ගාස්තු සංශෝධනය සිදුකරලා තියෙන්නේ. මේ අලුත් අය ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ අද ඉඳලා විදුලිය උත්පාදනය කරන්න යන වියදම ආවරණය කර ගැනීමට පමණයි.

මේ අය ක්‍රමය ලබාගන්න ප්‍රධානම හේතුව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ පහසුකම ලබාගැනීමේ දී අපිට තිබුණ එක කොන්දේසියක් තිබුණා මහා භාණ්ඩාගාරයෙන් හෝ මහ බැංකුවේ මුදල් තවදුරත් ජනවාරි මස 1 වැනිදා ඉඳලා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතනවලට ලබාදීමට නොහැකියි කියලා. පසුගිය වසරවල අපි විදුලි බලය ලබාදීමේ දී ගාස්තුවට සරිලන අය ක්‍රමයක් නොතිබුණත් විවිධ රජයන් යටතේ මහා භාණ්ඩාගාරයෙන් තමා ඒ පරතරය පියවූවේ. ඒවා කරන්න පුළුවන් වෙන්නේ එකතු කරන බදු මුදල්වලින්. එතකොට අපි ජනවාරි 1 වැනිදා ඉඳලා එකඟතාවය පළකර තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාගැනීමට නම් අපි අපේ කිසිම රාජ්‍ය ආයතනයකට අමතර මුදල් ආයෝජනය කළ නොහැකියි, ලබාදිය නොහැකියි කියන එක. ඒ අනුව විදුලිබල මණ්ඩලයට කිසිම මුදලක් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නේ නෑ.

මම විශ්වාස කරන්නේ නෑ තව විදුලිබිල වැඩිවීමක් ඉදිරියේදී සිදුකිරීමට සිදුවෙයි කියලා. මේ අය ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් අඛණ්ඩව විදුලි සැපයුම සිදුකිරීමත් අපේ රජය බලාපොරොත්තු වෙන්නේ ඊළඟ සංශෝධන තුළින් ඒ බර අඩුකරමින් ජනතාවට මේ විදුලිබිල තව අඩුවෙන් ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් දක්වා යෑම සඳහාය.

ජනාධිපතිවරයා තවත් උපදෙසක් දුන්නා අඛණ්ඩ විදුලි සැපයුම පමණක් නෙමෙයි. මේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගෙන සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ අනුව මුදල් අමාත්‍යංශයත් අපේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව ඉදිරියේ දී අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් අපි ව්‍යාපෘතියක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය කඩිනමින් කරන්න බැරිවෙයි. යම් කාලයක් අපිට යයි. ඒ වගේම ජනාධිපතිවරයා උපදෙස් දුන්නා රජය පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන සහ සියලුම ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන ඉන්දීය ඩොලර් මිලියන 100ක ණය ක්‍රමය යටතේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඒක ඉදිරි මාස 3 තුළ ක්‍රියාත්මක කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...