ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන

ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන

February 13, 2023   07:09 am

ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන තුනක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

එම ඝාතන කිලිනොච්චිය, මුතූර් සහ යාපනය යන පොලිස් වසම්වලින් වාර්තා වී තිබේ.

මුතූර්, පුලිඅඩිචෝලේ, කාංගුවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එක් ඝාතනයක් සිදුව ඇත.

පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට අතින් පහරදීම හේතුවෙන් තුවාල ලබා කිලිවෙඩ්ඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 47 හැවිරිදි පුලඅඩිචෝලේ, කාංගුවෙලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් තිබේ.

මේ අතර කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තුරපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් නිවසසේ සිටි පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබේ.

පහර කෑ පුද්ගලයින් බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 43 හැවිරිදි උරුත්තුරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර යපානය අත්තිඅඩි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවසේදීම පොලිල්කින් පහරදී ඝානය කර තිබේ.

කාන්තාවගේ නිවසේ සේවය කළ පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ එම ඝාතනය සිදුකර නිවසේ ගේට්ටුවට අගුළු දමා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.