ගාලු මුහුදෙ හොරා - පොලිස් සෙල්ලම

ගාලු මුහුදෙ හොරා - පොලිස් සෙල්ලම

February 8, 2023   11:08 am

මගී බස් රථවලට නැඟ වංචනික ලෙස මුදල් එකතු කළ වයස අවුරුදු 19ක තරුණයෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුහුදේ පිහිනා පළායෑමට උත්සාහ දරා ඇති බව අප වාර්තාකරු පැවසීය.

එවිට වහාම ක්‍රියාත්මක වූ අසල සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මුදුදේ පිහිනා ගොස් සැකකරුව අල්ලා අත්අඩංගුවට ගන්නා ආකාරය අසල සිටි අයෙකුගේ ජංගම දුරකථනයක මෙලෙස සටහන්ව තිබුණි.