පියා සහ දියණියගේ මාරාන්තික සෙල්ෆිය

පියා සහ දියණියගේ මාරාන්තික සෙල්ෆිය

February 7, 2023   06:23 pm

කුඹුක්කන්ආරුව ඔය නැරඹීම සඳහා ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔයට වැටී පියෙකු සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (07) දහවල් ඔවුන් පුලස්තිපුර, ඕනෑගම මාර්ගයේ තඹාල ගල්වල හන්දිය ප්‍රදේශයේදී පිහිටි කුඹුක්කන්ආරුව නැරඹීම සඳහා ගොස් ඇත.

එහිදී පියා සහ දියණිය විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔයට ඇදවැටී තිබේ.

ඔයට වැටුණු දෙදෙනා සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇත.

අතුරුදන් වූ දෙදෙනා සොයා පොලීසිය, ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂන නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් හා ස්වේච්ඡා කිමිදුම්කරුවන් එක්වී මෙහෙයුමක් දියත් කර තිබුණි.

එහිදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ මෘතශරීර ඔවුන් ඔයට වැටී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරින් පරණගම ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.

එසේ මියගොස් ඇත්තේ, කාන්තාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පියෙකු සහ 12 හැවිරිදි දියණියකි.

පියා ඕනෑගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.