මරුකටට වැටී බේරුණු දැරිවිය
සයුරෙන් එතෙර

මරුකටට වැටී බේරුණු දැරිවිය

February 7, 2023   04:58 pm

ගැඹුරු ළිඳකට වැටුණු මාස 19ක් වයසැති දැරියක්ව බේරා ගැනීමට තායිලන්තයේ සහන කණ්ඩායමක් සමත්ව තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම ළිඳ මීටර් 13ක් පමණ ගැඹුර බවය.

එම දැරියගේ දෙමව්පියන් දැරියව ගොවිබිමට රැගෙන ගොස් ඇයව ගසක් යට තබා වැඩකිරීමට ගොස් තිබුණි.

ඇය එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිට ඇති අතර මඳ වෙලාවකින් පැමිණි දෙමව්පියන්ට තේරුම් ගොස් තිබුණේ සිය දරුවා එම ස්ථානයේ නොමැති බවය.

පසුව සොයාබලන විට ඔවුන්ට දරුවා කෑගසන හඬ ඇසී තිබුණි.

එහිදී දරුවා ගැඹුරු ළිඳට ඔවුන්ට වැටහී ඇති අතර රැස්වූ පිරිස ඉක්මනින් සහන කණ්ඩායමක් ගෙන්වා ගැනීමට සමත්ව තිබුණි.

පසුව පැය කිහිපයක මෙහෙයුමකින් දැරියව බේරාගෙන රෝහල්ගත කිරීමට ඔවුන්ට හැකිවිය.