තමිල් අරසු කච්චි පක්ෂයේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

තමිල් අරසු කච්චි පක්ෂයේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

February 7, 2023   01:01 pm

මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

හෙට (08) දහවල් 2 ට පෙර අදාළ වාර්තාව ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරිවරයා වෙත නියෝග කර ඇත. 

මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබේ.

එහිදි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්. සුමන්තිරන් මහතා කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ලබාදුනි.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.