
තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය.
ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
මේ අතර අද උදෑසන සිරියානු දේශ සීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද බලපෑ භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1300 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් මරණ 912 කට අධික පිරිසක් තුර්කියෙන් වාර්තා වන අතර සිරියාවෙන් දැනට වාර්තා වන මරණ ගණන 400ට අධික බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අද දෙරණ කළ විමසීමකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවේ භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිටි බවත් ඉන් 8 දෙනෙකු මේ වනවිට සම්බන්ධ කරගෙන ඇති බවත්ය.



















































