පන්සලේ දන්සල

පන්සලේ දන්සල

February 5, 2023   08:04 pm

පුණ්‍ය වැඩසටහන් මෙන්ම ශාසනික මෙහෙවරින් ඔබ්බට ගිය සුවිශේෂී සාමාජයීය සේවාවන් මෙරට බෞද්ධ විහාරස්ථානවලින් අතීතයේ සිටම ඉටුවූ බව අප හොඳින්ම දන්නා කරුණකි.

එවැනි සුවිශේෂී සාමාජයීය මෙහෙවරක් සයවැනි පැරකුම්බා රජසමය තෙක් දිවයන ඓතිහාසික වැදගත්කමින් යුතු, කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය මගින් දියත් කරයි.

එම සුවිශේෂී සාමාජයීය මෙහෙවරක් දියත් කරන්නේ ආර්ථික අපහසුතාවයෙන් පීඩාවට පත් ජනතාවට යම් සහනයක් සලසාදීමේ අරමුණිනි.

එහි ''පන්සලේ දන්සල'' නමින් වැඩසටහනක් ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජුලි මාසයේදීය.

එමගින් සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම 300 - 400ත් අතර පිරිසකට නොමිලේ දිවා ආහාරය සැපයීමට විහාරස්ථානය කටයුතු කරයි.

මාස 7කට අධික කාලයක් ක්‍රියාත්මක එම වැඩසටහන මේ වනවිට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවට, සුළු සේවකයින් ඇතුළු බොහෝ පිරිසකට සහනයක් සලසා ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දන්සලට පැමිණි ජනතාව,

"ජීවත් වෙන්න කිව්වොත් තුන්වේල කන්න මාර සටනක් දෙන්නේ. මේ දෙන දන්සල ගැන ගොඩාක්ම පින් සිද්ධ වෙනවා."

ඉදිරියටත් අඛණ්ඩව පන්සලේ දන්සල ක්‍රියාත්මක කිරීම විහාරස්ථානයේ අපෙක්ෂාව බව කෝට්ටේ ශ්‍රී නාග විහාරය පූජ්‍ය කොටහේනේ නාරද හිමියන් පවසති.