මෝය කටේ නාන්න ගිය එකම පවුලේ තුනක් ජීවිතක්ෂයට
February 5, 2023 06:32 pm
විනෝද චාරිකාවක් ගොස් හලාවත මෝය කටේ දියනෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 7ක් වු දියණිය, අවුරුදු 6ක් වු පිරිමි දරුවා හා 35 හැවිරිදි පියා ය.
මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන්ගේ මෘත ශරීරය මේ වනවිට සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
බෝට්ටුවෙන් හලාවත මෝය කට දක්වා ගොස් ඇති එම පිරිස පසුව බෝට්ටුවෙන් බැස එම ස්ථානයේ නෑමට ගිය අවස්ථාවේ දී මෙලෙස දියේ ගිලී ඇත.
