තවත් අභිරහස් මරණයක්
February 5, 2023 04:07 pm
අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ උඩයාර්වැවේ තිබී සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචිව සිටි පස්දරු පියෙකි.
අදාළ තැනැත්තා පුත්තලම නගරයේ සත්ත්ව මාංශ අලෙවි කිරීමේ ස්ථානයක සේවය කරන්නෙකු වන අතර, ඔහු පෙරේදා නිවසින් බැහැරවගොස් නැවත නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සොයා බලා ඇත.
ඒ අනුව අද (05) උදෑසන උඩයාර්වැව අසල තිබී එම පුද්ගලයාගේ පාවහන් සහ ඇඳුමක් හමුව තිබුණි.
පසුව ප්‍රදේශවාසින් විසින් වැව පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගේ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් සිටි පුද්ගලයාගේ ඥාතියෙකු පොලීසියට පවසා ඇත්තේ, එම පුද්ගලයා ගැඹුරු දියේ ගිලි මසුන් ඇල්ලීමට ද දක්ෂයෙකු බැවින් ඔහු දියේ ගිලී මියයාමට හැකියාවක් නොමැති බවත් මරණය සැක සහිත බවත්ය.
කෙසේවෙතත් මරණය ඝාතනයක්ද යන්න පිළිඳව පුත්තලම පොලීසිය පරීක්ෂණ පවත්වයි.