එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඇතිවූ ගැටුම ගැන තවත් තොරතුරු
February 4, 2023 12:49 pm
75වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය විසිරුවාහැරීම සඳහා ඊයේ (03) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඒ සාමකාමීව සත්‍යාග්‍රහය සිදුකළ හැකි බවට අධිකරණයෙන් ප්‍රකාශ කර තිබූ පසුබිමකය.
''කොහේ තියන නිදහසක් ද?'' යන තේමාව යටතේ 75වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් ඊයේ සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.
ඒ ගාලු මුවදොර අරගල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වය.
ඊයේ රාත්‍රියේ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය අධිකරණ නියෝගය ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් පිරිස එම ස්ථානයෙන් ඉවත් නොවූ අතර ඉන් පසු එම ස්ථානයට පැමිණි නාදුනන පිරිසක් සත්‍යාග්‍රහයේ නිතර වූවන්ට පහරදී තිබුණි.
එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම අවස්ථාවේ පොලීසිය ඊට මැදිහත්වීමත් සමග තත්ත්වය නොසන්සුන් අතට ඇරී තිබුණි.
අනතුරුව අධිපීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේය.
සත්‍යග්‍රහයේ නිරත වූවන් එම ස්ථානයෙන් පළවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී අරගලකරුවන් සිව් දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස පිටකොටුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබුණි.
සිද්ධියෙන් අරගලකරුවන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
මේ අතර නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමින් බත්තරමුල්ල දියත උයන අසලදී අද පෙරවරුවේ භික්ෂූන් වහන්සේ කිහිපනමක් පැමිණ විරෝධතාවක් පැවැත්විය.
ඉන් පසුව අලුත් පියාපත් සංවිධානය විසින් නව නිදහස් අරගලයක් යන තේමාව යටතේ එම ස්ථානයේදීම විරෝධතාවක් දියත් කළේය.
මේ අතර කතෝලික පියතුමන්ලා, මීසම් පාලකවරු, කන්‍යා සොයුරියන් ඇතුළු පිරිසක් අද මරදාන ප්‍රදේශයේදී තවත් විරෝධතාවක් පැවැත්වූවේ නිදහස් දින සැමරුමට විරෝධය දක්වමිනි.
මඩකළපුව කල්ලඩි පාලම අවහිර කරමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නියෝජිතයින් පිරිසක් නිදහස් දින සැමරුමට විරෝධය දැක්විය.
මෙම විරෝධතාවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍යන් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.