
එළඹෙන මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25ක් සඳහා ඒ ඒ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්වරුන්ගේ අත්සනින් යුතුව වෙන වෙනම ගැසට් නිවේදන නිකුත් කර තිබුණි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 38(1) ඇ වැනි උපවගන්තිය ප්‍රකාරව මාර්තු 9 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනවල සඳහන්ය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින් අපේක්ෂකයින් 80,720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

















































