යළිත් විදුලි බිල online ගෙවන්න අවස්ථාව

යළිත් විදුලි බිල online ගෙවන්න අවස්ථාව

January 30, 2023   05:55 pm

ලංකා විදුලිබල මණ්ඩලය වෙත online ක්‍රමවේදය හරහා ගෙවීම් සිදුකිරීම නැවත යාවත්කාලීන කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට online ක්‍රමවේදයට මුදල් ගෙවීමට නොහැකි වූ බවය.

ඒ අනුව ඉදිරියේදී පහසු ක්‍රමවේදයක් හරහා ජනතාවට ගෙවීම් සිදුකළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.