මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ට තර්ජනය ආ තැන හෙළිවෙයි
January 29, 2023 12:47 pm
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය සිදුකර ඇත්තේ, දුරකථන විදෙස් රටක සිට බවට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට මේ වන විට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
එම පැමිණිලිවලට අනුව මූලික විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
"අපරාධ විමර්ශන ඒකකය තමයි කටයුතු සිදුකරන්නේ. මේ විමර්ශනවලදී අනාවරණය වන දේ තමයි එකම දුරකථන අංකයකින් තමයි මේ තර්ජන සිදුවන්නේ. ඒ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ යම් ලිපිනයක් සහිත දුරකථන අංකයක්. නමුත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙතෙක් අනාවරණය වෙලා තියෙනවා ඒ ලිපිනයේ ඒ පුද්ගලයා දැනට ලංකාවෙත් නැහැ. ඒ වගේම ඔහුට මේ පිළිබඳ දැනුමකුත් නැහැ කියන එක තමයි දැනට අනාවරණය වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ දුරකථන ඇමතුම් විදේශ රටක සිට එන දුරකථන ඇමතුමක් කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ අයතනවල සහායත් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් තවම හඳුනාගෙන නෑ කුමන පුද්ගලයෙක්ද මේ දුරකථන ඇමතුම ලබා දී තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ කටයුතු සිදුකරනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් තිදෙනාටම මේ ලැබුණු පැමිණිලි අනුව නිවෙස්වලට අවි සහිතව ආරක්ෂාව ලබාදීමට කටයුතු සිදුකරලා තියෙනවා."