ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි

January 28, 2023   02:37 pm

ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර අනෙක් යානයේ සිටි නියමුවා පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සුකෝයි 30 සහ මිරාජ් 2000 වර්ගයට අයත් ජෙට් යානා දෙකක් එලෙස එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.