ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවට

ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවට

January 21, 2023   06:32 pm

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 62 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවය.

අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.