ලෙල්ලම මුහුදු තීරයේ බෝට්ටු ගිනිගනී

ලෙල්ලම මුහුදු තීරයේ බෝට්ටු ගිනිගනී

January 11, 2023   08:07 am

මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබේ.

අද (11) අලුයම 01.30ට පමණ ගින්න සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී තිබේ.

හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.