උණවටුන දුම්රිය අනතුරේ CCTV වීඩියෝව

උණවටුන දුම්රිය අනතුරේ CCTV වීඩියෝව

December 1, 2022   01:02 pm

ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත්තේ රුසියානු ජාතික කාන්තාවක් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

එසේම මෙම බිහිසුණු අනතුරින් ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි වියේ පසුවූ රියදුරු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

උණවටුන, දළවැල්ල අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවූ බවය.

දුම්රියේ ගැටීමත් සමඟ ත්‍රිරෝද රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ගොස් තිබේ.

හබරාදුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම බිහිසුණු අනතුර එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.