හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට සිට කාලගුණයේ වෙනසක්

December 1, 2022   06:23 am

දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.