ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් දිවියෙන් සමුගනී
November 15, 2022 06:01 pm
හින්දි සිනමා ප්‍රවීන රංගන ශිල්පියෙකු වන Krishna අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන Mahesh Babuගේ පියා වන Krishna මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.
මේ අතර Mahesh Babuගේ මවද මීට මසකට පෙර අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ සොහොයුරා මෙම වසරේ ජනවාරි මාසයේදී අභාවප්‍රාප්ත විය.
Krishna සැළකෙන්නේ ඉන්දීය තෙලුඟු සිනමාවේ සුපිරි තරුවක් ලෙසටය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ Krishna මහතා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
