අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද
November 15, 2022 08:30 am
පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භවීමට නියමිතය.
2023 අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.