පා පැදියෙන් සේවයට - අලුත් වැඩසටහන 31 සිට

පා පැදියෙන් සේවයට - අලුත් වැඩසටහන 31 සිට

October 28, 2022   11:38 am

ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ ඔක්තොම්බර් මස 31 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බවය.

ලබන සිකුරාදා සමාරම්භක අවස්ථාවෙන් පසු සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රධාන මාර්ගවලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.