සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම අද සිට

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම අද සිට

October 1, 2022   12:42 pm

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද (01) සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදුකෙරේ.

නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140කි.

මුදල් රාජ්‍ය අමාත්‍ය‍ ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීම මෙම බදු මගින් අපේක්ෂා කරන බවය.