ශ්‍රී ලංකාවට හදිසි ණයක්
August 31, 2022 05:23 pm
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණයක් අනුමත කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව පැවසීය.
ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන - විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට - පිරිස සඳහා සහන සැලසීමට මේ ඔස්සේ පියවර ගැනේ.