ආනයනය අත්හිටවූ භාණ්ඩ වර්ග මෙන්න
August 24, 2022 12:30 pm
භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (23) නිවේදනයක් නිකුත් කළේය.
ආනයන හා අපනයන පාලන පනත යටතේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව එහිදී මුදල් අමාත්‍යාංශය පැවසීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ආනයනය තාවකාලිකව අත්හිටවු ද්‍රව්‍ය අතරට ජලය, යෝගට්, චොකලට්, පොල්, දියර පොල්කිරි, පොල් මගින් නිෂ්පාදිත අරක්කු, ධාන්‍යමය ආහාර සහ කජු ඇතුළත් වෙයි.
කාන්තා හා පිරිමි නිමි ඇඳුම්, කාන්තා හා පිරිමි යටඇඳුම්, කාන්තා හා පිරිමි රාත්රීඇඳුම් වර්ග, ළමා ඇඳුම්, පිහිනුම් ඇඳුම්, ටයි වර්ග, ශීත කබා, ජැකට් වර්ග, පාවහන්, හිස්වැසුම්,ආරක්ෂිත හිස්වැසුම්, කුඩ, රබර් අත්පැළඳුම්, හම් ආශ්රිත නිෂ්පාදන ද ඇතුළත්ය.
එමෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා මෙවලම් උපාංග, ෂැම්පු වර්ග, වැසිකිලි ආශ්රිත සනීපාරක්ෂක ද්‍රව්‍ය ද ඊට ඇතුළත්.
එමෙන්ම රැවුල කැපීමේ උපාංග, කොණ්ඩා සැකසුම් උපාංග, අව් කණ්නාඩි, අත්ඔරලෝසු වර්ග, සංගීත භාණ්ඩ, සැරසිලි සඳහා යොදාගන්නා විදුලි බුබුලු ඊට අයත්ය.
බෝනික්කන්, ට්රයිසිකල් ඇතුළු රෝද සහිත සෙල්ලම් භාණ්ඩ හා උත්සව සැරසිලි ද ආනයනය තහනම් කළ භාණ්ඩ අතරයට අයත් වෙයි.
ටයිල්, ගඩොල්, සෙරමික් වර්ග හා බැටරි වර්ග ද තාවකාලිකව ආනයනය අත්හිටුවු භාණ්ඩ අතරට අයත් ය.
සෙරමික් පයිප්ප, වැහිපීලි, මුළුතැන්ගෙයි උපකරණ, පිහි, මේස උපකරණ, ඉබි යතුරු, පොම්ප වර්ග හා බේකරි විදුලි උඳුන් ද ආනයනය තහනම් කර තිබේ.
ඉදිකිරීමේ මෙවලම් (උදා - විදින උපකරණ , මිටි ආදිය), කෘෂිකර්මාන්තයේදී බිම් සකස් කිරීමට යොදාගන්නා යන්ත්රසූත්ර, පශු සම්පත් නිෂ්පාදනයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, මුද්‍රණ කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, ජලනළ උපාංග ද ආනයනය අත්හිටවු ද්‍රව්‍ය අතරට අයත් වෙයි.
ආනයනය තහනම් කර ඇති භාණ්ඩ වර්ග ඊයේ දිනයට පෙර ඇනවුම් කර නැව්ගත කර ඇති භාණ්ඩ ඇත්නම් එම භාණ්ඩ සැප්තැම්බර් 14ට පෙර මෙරට වරායකට හෝ ගුවන්තොටුපොළකට ළඟාවන්නේ නම් ඒවා නිදහස් කිරීමට රේගුවට අවසර ලබාදී තිබේ.
කෙසේවෙතත් ප්‍රති අපනයනය සඳහා ආනයනය කරනු ලබන භාණ්ඩ ආනයන හා අපනයන පාලකවරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.