තවත් ජීවිතයක් අනතුරේ
August 14, 2022 02:37 pm
වැලි මුවෙක් ගොඳුරු කරගැනීමට උත්සහ කළ විශාල පිඹුරෙකු තුවාල ලබා ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ දැල්පිටිය ප්‍රදේශයේ කොස් ගසකට නැග සිටින අයුරු දැකගැනීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.
ප්‍රධාන මාර්ගයට ඉහළින් වනරෝදක දී එම මුවා ගිලිමින් සිටි පිඹුරා මුවාගේ දැගලීමත් සමග කන්දෙන් පහළට පෙරළී විත් ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයට වැටී තිබේ.
ප්‍රදේශයේ තරුණ පිරිස එම සතුන් දෙදෙනා දැක නොමැරී සිටි පිඹුරා අල්ලා මාර්ගය අයිනට ගෙන බැලීමේදී තුවාල ලබා සිටින බව දැක ඒ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් වනජීවි නිලධාරීන්ට පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් පැවසීය.
කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙක් පවසා සිටියේ, වනජීවි නිලධාරීන් එම ස්ථානයට නොපැමිණීම හොඳ දෙයක් බවය.
අද දහවල් වනවිට පිඹුරා කොස් ගස මතට නැඟ සිටින අතර පිරිස පවසා සිටියේ, පිඹුරා ට ප්‍රතිකාර කිරීමෙන් දිවි බේරාගැනීමට හැකියාව පවතින බවය.
