නාවලපිටියේ ඛේදවාචකයක්
August 2, 2022 07:53 am
නාවලපිටිය අක්කරවත්ත ප්‍රදේශයේ කැටකිඹුලාව ඔයෙන් එතෙර වීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තැනැත්තන් අවුරුදු 36, 46 සහ 57 වයස්වල පසුවන්නන් බව නාවලපිටිය පොලීසිය පැවසුවේය.
අතුරුදන් වු අය සෙවීමේ කටයුතු පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරයි.
නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර, නාවලපිටිය හැටන් පොලිස් වසමේ මොන්ටෆෙයාර් කොටස ප්‍රදේශයේ නිවෙස වෙත ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ලිස්සා ගොස් පැන්මූර් වැවට වැටී දියේ ගිලී අතුරදන්ව ඇත.
එලෙස අතුරුදන්ව ඇත්තේ 24 හැවිරිදි ඇබෝස්ලිවත්ත, හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වු පුද්ගලයා සමග ගමන්කරමින් සිටි අනෙක් දෙදෙනා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
