ඉන්ධන පිරවුම්හලක ගින්නක්
July 30, 2022 03:36 pm
බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලක අද (30) දහවල් හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි එම ගින්න හටගෙන ඇති බවය.
ඉන්ධන පොම්ප සවිකර ඇති ආසන්නයේ ගින්න හට ගෙන ඇති අතර, පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාවට වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
එම අවස්ථාවේ දී හොරණ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ තිබේ.
ගින්න නිවා දැමීමට කටයුතු කිරීමේ දී බවුසර් රථ රියදුරුවරයෙකුගේ අතට හානි සිදුව ඇත.
තුවාලකරු රෝහල් ගතකර ඇති අතර, විදුලි කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැකකෙරේ.
