ලාෆ්ස් සමාගමෙන් ගෑස් මිල ගැන තොරතුරු ඉල්ලයි
July 1, 2022 03:52 pm
ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
දිවයින පුරා පාරිභෝගිකයින් වෙත සෘජුවම ගෑස් සිලින්ඩර බෙදාහැරීම් සහ නියෝජිතයින් හරහා බෙදාහැරීම ද ආරම්භ කර ඇති බව එම සමාගම පවසයි.
සෘජුවම සිදුකරන බෙදාහැරීම් කටයුතුවලදී ජන ඝණත්වය අනුව වැඩි වශයෙන් නගර සහ නගරාසන්න ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවද ලාෆ්ස් සමාගම පවසයි.
කෙසේවෙතත් ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ලාෆ්ස් ගෑස් සිලින්ඩර අලෙවි කරමින් පාරිභෝගිකයින් පීඩාවට පත්වන ආකාරයේ අනිසි ලාභ ඉපැයීම් සිද්ධි වාර්තා වන බව එම සමාගම සඳහන් කරයි.
එවැනි තොරතුරු ලාෆ්ස් ගෑස් සමාගමේ පාරිභෝගික සේවා අංශයේ 1345 අංකය ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ලාෆ්ස් ගෑස් සමාගම මහජනතාවට දැනුම්දෙයි.
