නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ

නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ

June 28, 2022   11:17 am

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස, අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර පැවතුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග මෙම අමාත්‍යාංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඊයේ (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණ අමාත්‍යාංශය ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

තාක්ෂණ අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතී.

තාක්ෂණ අමාත්‍යාංශය යටතට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් අයත්වෙයි.