යාපනය සහ තමිල්නාඩුව අතර නැව් සේවාවක්
June 27, 2022 02:37 pm
තමිල්නාඩුව සහ කන්කසන්තුරෙයි වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භකිරීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍ය වන ඉන්ධන, පොහොර, කිරිපිටි, ඖෂධ යන භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, සාධාරණ මිලකට ලබාගැනීමට අවස්ථාව ලැබී ඇති බව ධීවර අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පලාලි, ත්රිචි හා චෙන්නායි නගර අතර මගී ගුවන් සේවාව සැලසුම් කර ඇති පරිදි ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.