රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කෙරේ
June 17, 2022 05:30 pm
රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
එම චක්‍රලේඛය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.
ඒ අනුව ඉහළ සඳහන් ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලැබේ.
නමුත් මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.