එළවළු වර්ග 29ක් වගා කළ නිවෙස් හිමියෙක්

එළවළු වර්ග 29ක් වගා කළ නිවෙස් හිමියෙක්

May 31, 2022   09:22 pm

එළවළු වර්ග 29ක් පමණ ඉතා සාර්ථකව ගෙවත්තක් තුළ වගා කළ පුද්ගලයෙක් පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ, අනුරාධපුර පාවක්කුලම ප්‍රදේශයෙනි.

මෑකරල්, බීට්, ගෝවා, කරවිල ආදී එළවළු වර්ග 29ක් ඔහු ඉතා සාර්ථකව වගා කර තිබුණේ කාබනික පොහොර භාවිත කරමිනි.

මෙම ගෙවතු වගාවේ නිරත නිවෙස් හිමියා සඳහන් කළේ,

"කුඩා ගෙවත්තක ඉතාම සාර්ථකව තමන්ට අවශ්‍ය එළවළු ටික හදාගන්න පුළුවන්. අපේ ගෙදරට අවශ්‍ය එළවළු ටික මම හදා ගත්තා. කාබනික පොහොර තමයි දාන්නේ. එළවළු වර්ග 29ක් විතර වගා කරලා තියෙනවා."