අධික වර්ෂාව නොතකා ගාලු මුවදොර අරගලය ඉදිරියට
May 17, 2022 09:46 pm
ගාලු මුවදොර ආරම්භ කෙරුණු ජන අරගලය අද 39 වැනි දිනටත් ක්‍රියාත්මකය.
වෙසක් මංගල්‍යය නිමිත්තෙන් අරගල භූමියේ ඊයේ බැති ගී ප්‍රසංග ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණි.
කිතුණු තරුණයින් පිරිසක් විසින් මෙහිදී බැති ගී ගායනයක නිරතවීම ද විශේෂත්වයකි.
ඒ අනුව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක අරගල භූමියට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්විය.
අද පෙරවරුවේත් ඇදහැලුනු අධික වර්ෂාව නොතකා පිරිස් අරගලයේ නිරත වන ආකාරය දක්නට ලැබුණි.
කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර අරගල භූමිය දක්වා පිරිසක් පාගමනකින් පැමිණ තිබුණේ තාජුඩීන් ඝාතනයට වසර 10ක් සැපිරීම නිමිත්තෙනි.
අරගලයේ නිරත කලාකරුවන් පිරිසක් එක්ව අද මාධ්‍ය හමුවක් ද පැවැත්විය.
එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය ජනයාට එරෙහිව මැර ප්‍රහාරයක් එල්ලකළ සියලුදෙනාම අත්අඩංගුවට ගතයුතු බවය.