පාස්පෝට් කන්තෝරුව හෙට සිට වැඩ
May 16, 2022 07:00 pm
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
එම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්යය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා WWW.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707 101 060 දුරකථන අංකය භාවිතා කරන මෙන් දැනුම් දී ඇත.
දුරකථන අංක භාවිතා කරන්නේ නම් රජයේ වැඩ කරන දිනවල පෙරවරු 8.30 සිට 3.00 දක්වා ඒ සඳහා පහසුකම් සලසා ඇති බවද දැනුම් දී තිබේ.
දෙපාර්තමේන්තුවේ දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000ක් පමණ වන බැවින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර නොගෙන පැමිණීමෙන් සිදුවන අපහසුතාවය වළක්වා ගන්නා මෙන් ඉල්ලා සිටී.
ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ යාමක් හෝ ගමන් බලපත්‍ර තොග අවසන් වන බවට වන ප්‍රචාර අසත්‍ය බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.