මූල්‍ය හා නීති උපදේශකයින් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

මූල්‍ය හා නීති උපදේශකයින් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

April 16, 2022   03:41 pm

මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීම සඳහා වන අයදුම්පත් භාරගැනීමේ කාලය රජය විසින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා රජය, මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසරභාවය කළමනාකරණය කිරීමේ අරමුණින් එම උපදේශකයින් පත්කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් හා නියෝජිතායතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් ප්‍රකාශයට පත් කිරීමට මහ බැංකුව පසුගියදා පියවර ගනු ලැබීය.

ඒ අනුව අදාළ අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය ලබන 22 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වැඩි විස්තර මෙතැනින්..