විරෝධයට ආ ගායිකාව ට විරෝධය

විරෝධයට ආ ගායිකාව ට විරෝධය

April 10, 2022   09:10 pm

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පීනි සංජීවනි වීරසිංහ මහත්මියට විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා පැමිණි අවස්ථා  එහි සිටි අයගෙන් විරෝධයක් එල්ල විය.

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි වෙසෙන ලාංකිකයින් පිරිසක් විසින් එම විරෝධතාවය සංවිධාන කර තිබුණි.

මේ අතර ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ සහ විරෝධතා පැවති අතර  ජනාධිපතිවරයාට සහාය පළ කරමින්ද උද්ඝෝෂණ පැවැත්වුණි.

එමෙන්ම කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් යුක්තියේ පා ගමන නමින් සංවිධානය කළ පාගමන ඊයේ රාත්‍රීයේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගමන්ගත්තේය.

අද දේවස්ථානවල දේව මෙහෙයන් අවසන් කිරීමෙන් අනතුරුව ප්‍රදේශ රැසක දේවස්ථාන ඉදිරිපිට විරෝධතා පැවැත්වුණි.