විදුලිය කැපෙන වේලාව වැඩි වෙයි ?
March 30, 2022 11:05 am
මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසා සිටියේ, පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් තෙල් ප්‍රමාණවත් වන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
"පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපිට ලැබුණ ප්‍රමාණය අනුව අද පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියට තවත් කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද බාච් විදුලි බලාගාරයේ තව දින තුනකට පමණ තමයි තෙල් ඉතිරි වෙලා තියෙන්නේ. ඒ අනුව කපන ප්‍රමාණය තව වැඩිකරන්න වේවි. පැහැදිලිවම අපිට ඉන්ධන ලබාදෙනවා නම් අපිට විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නේ පැහැදිලිවම රජයට හා ඒ අදාළ ආයතනවලට අපිට ඉක්මනින් තෙල් ටික ලබාදෙන්න. අපි විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න අපිට පුළුවන්. අපිට එතකොට ගැටලුව තියෙන්නේ ජලවිදුලි බලාගාර නැති එක තමා. දැනට ඉතා අඩු මට්ටමකට ඇවිත් තියෙනවා ජල මට්ටම්. එහෙම වුණත් අපිට දවාලට මෙගා වොට් 300කුත් රාත්‍රීයට මෙගා වොට් 700කුත් ලබාදෙන්න පුළුවන්."
ප්‍රශ්නය - ඉදිරියේ දී අවුරුද්දට ජනතාවට අඳුරේ දීම ඉන්න වෙයි ද?
"තෙල් නැති වුණොත්, වැස්ස නැති වුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි."