මේක නෙවෙයි නම් බංකොලොත් මොකක්ද බංකොලොත් ?
March 10, 2022 02:23 pm
පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකතු වී කඩිනම් පිළියම් යෙදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
"මම ඊයේ පැය එකහමාරක් ඩීසල් පෝළිමේ හිටියා. අවසානේ ඒකත් ගන්න බැරිවුණා. ෆ්ලවර් රෝඩ් එකේ. ඩීසල් නෑ, පෙට්‍රල් නෑ, කිරි නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ, මේක බංකොලොත් නෙවෙයි ද.? කරන්ට් එක නෑ. මිනිස්සුන්ට තද වෙලා. ඇමතිවරයෙක් නෑ, කතාකරන්න මිනිහෙක් නෑ. බංකොලොත් නැත්නම් මොකක්ද මේක. ? මේක නෙවෙයි නම් බංකොලොත් මොකක්ද බංකොලොත්. ගරු කතානායකතුමනි. මම තාක්ෂණිකව කියන්නම් බංකොලොත්ද නැද්ද කියලා. අද බලන්න මහබැංකුවේ වාර්තාව. මහබැංකුවේ විදේශ වත්කම්වල ශේෂය බලන්න, දෙයියනේ සෘණ. මහබැංකුවේ විදේශ වත්කම්වලට වඩා මහබැංකුවේ විදේශ වගකීම් ඩොලර් බිලියන දෙකහමාරකින් වැඩී. එහෙමනම් බංකොලොත්. එහෙමනම් මහබැංකුව බංකොලොත්. "
"අපි කැමති නෑ මේක කියන්න. කොහොමද කටක් ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. අපිටත් අභිමානයක් තියෙනවා. අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ රටේ ඉපදුණේ, අපි ජීවත් වෙන්නේ මේ රටේ, අපි මැරෙන්නේ මේ රටේ. අපිට වෙන පාස්පෝට් නෑ. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි කොහොමද කට ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. හැබැයි රට බංකොලොත් කළේ කවුද. අඩුම තරමේ දැන්වත් මේ බංකොලොත් බවින් බේරගන්න එකතුවෙලා මොනවහරි කරමු ගරු කතානායකතුමනි. "
