හලාවත ධීවරයින් පස් දෙනෙක් ඉන්දීය අත්අඩංගුවේ

හලාවත ධීවරයින් පස් දෙනෙක් ඉන්දීය අත්අඩංගුවේ

March 10, 2022   07:46 am

ඉන්දීය මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වු ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඊයේ දිනයේ කන්‍යා කුමාරි වෙරළට ඔබ්බෙන් වු මුහුදේ දී එම ධීවරයින් පිරිස ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව තමිල්නාඩුවේ තූත්තුකුඩි වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

එම යාත්‍රාව හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් බව වේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක පොලීසිය වෙත භාරදීමට නියමිතව තිබේ.