මෙරට ආර්ථිකය ගැන චීනයෙන් ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය ගැන චීනයෙන් ප්‍රකාශයක්

March 10, 2022   07:29 am

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව ඉදිරියටත් සහාය ලබාදෙන බව චීනය පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති කරගත් දිනයේ සිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් එකිනෙකාට සහයෝගය ලබා දී ඇති බවය.

චීන විදේශ අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේ දී දේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලීජියෑංමේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව චීන විදේශ අමාත්‍යවරයාගෙන් සිදුකර ඇති ඉල්ලීම පිළිබදව එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උත්සහායෙන් සහ සහයෝගීතාවයෙන් රටේ පවතින  තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජයගනු ඇති බවය.

ශ්‍රී ලංකාව ඉදිරියේ දී විශාල සංවර්ධනයක් අත්කරගනු ඇතැයි විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.